by Staff writer 15-05-2020 | 12:10 PM
COLOMBO (News 1st) : දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේ අධික වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්න්තුව පවසයි.
ඊට හේතුවී ඇත්තේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හා දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී තිබීම බව ද එම දෙපාර්තමෙන්තුව ප්‍රකාශ කළේ ය.
බස්නාහිර, සබරගමුව. මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හා දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ ඇතිවී තිබෙන අඩුපීඩන තත්ත්වය මේ වනවිට වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින බවයි.
අප වාර්තාකරුවන් පැවසුවේ, අද අලුයම කාලයේ සිට දකුණු පලාතේ ස්ථාන කිහිපයකට තදවැසි ඇදහැළුණු බවයි.
මේ අතර වෙරළ තීරය ආශ්‍රිතව සුළං තත්ත්වය දැඩිවී තිබේ.
ගාල්ල ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාපතනයත් සමග බද්දේගම නගරයේ
ස්ථාන කිහිපයක් වැසි ජලයෙන් යටවිය.
මාතර වැලිගම, අකුරැස්ස, සහ කද්දුව ප්‍රදේශවලට අද අලුයම කාලයේ දැඩි වර්ෂාපතනයක් ඇදහැළුනු බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/719900952170607/