තවත් කොරෝනා ආසාදිතයින් 32ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 32ක් සුවය ලබයි

by Chathuranga Rajapaksha 15-05-2020 | 1:45 PM
COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 32 දෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 477කි. මේ අතර කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් 151 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබේ. ඒ, තවත් සෙබළුන් 30 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටත්ව යාමත් සමගිනි. රෝහල්වලින් පිටව ගිය නාවික හමුදා සෙබළුන් තවදුරටත් දින 14 ක් නිරෝධායන සඳහා යොමුකර ඇතැයි ද නාවික හමුදාව සඳහන් කළේය.