ගංවතුර සහ නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුර සහ නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

by Chathuranga Rajapaksha 15-05-2020 | 7:38 PM
COLOMBO (News 1st): පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය සමග මී ඔය, දැදුරු ඔය, අත්තනගලු ඔය ඇතුළු ගංගා 10 ක් ආශ්‍රිතව ගංවතුර අවදානම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද රාත්‍රී කාලයේ දකුණ, බස්නාහිර, හා සබරගමුව සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය

මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ ගාල්ල දිස්ත්‍රිකයේ බද්දේගම, අක්මීමන, ඇල්පිටිය, නියාගම, බෝපේ පෝද්දල සහ කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට නායයාම් හා කණ්ඩි කඩාවැටීම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇතැයි ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේය.

ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය