හඳුනා ගත් ආසාදිතයින් 10 දෙනාගෙන් 8ක් ම නාවික සෙබළුන්

හඳුනා ගත් ආසාදිතයින් 10 දෙනාගෙන් 8ක් ම නාවික සෙබළුන්

හඳුනා ගත් ආසාදිතයින් 10 දෙනාගෙන් 8ක් ම නාවික සෙබළුන්

කර්තෘ Sagarika Chathumali

15 May, 2020 | 6:21 am

COLOMBO (News 1st) : ඊයේ දිනයේ මෙරටින් හඳුනා ගැනුණු නව කොරෝනා ආසාදිතයින් 10 දෙනාගෙන් 8 දෙනෙකු ම නාවික හමුදා සෙබළුන් බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ඉතිරි දෙදෙනා එම සෙබළුන්ගේ පවුල්වල සමාජිකයින් බවයි.

ඒ නුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 925ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමණක් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 63 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 445 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ  ආසාදිතයින්  471 කු පමණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]