කොරෝනා ව්‍යාප්තිය 90% කින් පාලනය වෙලා-සෞඛ්‍ය අංශ

කොරෝනා ව්‍යාප්තිය 90% කින් පමණ පාලනය වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

by Staff writer 15-05-2020 | 7:00 AM
COLOMBO (News 1st) : මේ වන විට කොරෝනා ව්‍යාප්තිය 90% කින් පමණ පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් මෙම වසංගතය පාලනය තවදුරටත් ශක්තිමත් කරගත හැකි බවයි. දැනට මෙරටින් හමුවන්නේ, නාවික හමුදා සාමාජිකයින් සහ පවුලවල ඇතැම් සාමජිකයින් පමණක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් මෙය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවන බවත් ඉදිරියට මුහුණ දීම සඳහා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/721403361963722/