UPDATE : තවත් කොරෝනා ආසාදිතයින් 22ක්

UPDATE : ඊයේ හඳුනා ගත් අසාදිතයින් 26 දෙනාම නාවික හමුදා සාමාජිකයින්

by Sagarika Chathumali 14-05-2020 | 6:16 AM
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇත්තේ, ඊයේ රාත්‍රීයේ නව ආසාදිතයින් 22 දෙදෙනකු හඳුනාගැනීමත් සමගයි. ඒ අනුව ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 26 දෙනකු වාර්තා වී තිබේ. වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඊයේ හඳුනාගත් අසාදිතයින් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි. මේ අතර මේ දක්වා සම්පූර්ණ සුවය ලබා ආසාදිතයින් 382 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත. තවදුරටත් ආසාදිතයින් 524 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වාර්තා වී කොරෝනා මරණ සංඛ්‍යාව 9කි.