by Staff writer 14-05-2020 | 7:21 PM
COLOMBO (News 1st): එක් තීරයක්, එක් මාවතක් සංකල්පය යටතට ගැනෙන කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති පෙරට ගෙන යාමට ශ්‍රී ලංකාව හා චීනය අතර එකඟතාවකට එළැඹ තිබේ.
ඒ, චීන ජනාධිපති ෂි ජිං පින් මහතා හා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අතර ඊයේ රාත්‍රී සිදුවූ දුරකතන සංවාදයකදීය.
එම සංවාදය උපුටා දක්වමින් ෂිංහුවා පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අනිකුත් ප්‍රමුඛපෙළේ ව්‍යපෘතිවලට අදාලව දෙරට නිරන්තරයෙන් ප්‍රායෝගික සහයෝගිතාව පවත්වාගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවය.
එම කටයුතු පවත්වාගෙන යා යුත්තේ Covid-19 වසංගතය වැළැක්වීම හා පාලන කාර්යයන් තහවුරු කරමින් බව චීන ජනාධිපතිවරයා පවසා තිබේ.
කොරෝනා වසංගතයට එරෙහිව චීනය සටන්වැදි තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලාංකික සමාජයේ විවිධ අංශ වෙතින් ලද ලෙන්ගතු සහාය පිළිබඳව ද චීන ජනාධිපතිවරයා මෙහිදි සිහිපත් කළ බව සඳහන්ය.
ඔහු පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව Covid-19 වසංගතය මැඩලීමට ඵලදායි ලෙස කටයුතු කර ඇති අතර ඒ සඳහා තම රටේ සහාය තවදුරටත් ලබාදීමට තමන් සුදානම් බවය.
Covid-19 වසංගතය ව්‍යාප්ත වෙමින් තිබියදී ශ්‍රී ලංකාවේ රැඳී සිටි චීන පුරවැසියන් රැක බලාගැනීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කර ඇති චීන ජනාධිපතිවරයා තම රටේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සුරකින බවට ද තහවුරුවක් ලබාදී තිබේ.
මෙහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ Covid-19 වසංගතය මැඩලීමට චීනය ගත් ක්‍රියාමාර්ග අනබිබවනීය බවය.
ශ්‍රී ලංකාවේ ජනතාව නියත වශයෙන් ඉතා කඩිනමින් Covid-19 වෛරසය පරාජයට පත්කරනු ඇතැයි තමා විශ්වාස කරන බව චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අවධාරණය කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා වසර ගණනවක් තිස්සේ චීනය ලබාදෙමින් සිටින අතිශය වටිනා සහාය සම්බන්ධයෙන් ස්තූතිය පළ කර තිබේ.
චීන ව්‍යවසායන්ගෙන් තව දුරටත් ආයෝජන අපෙක්ෂා කරන බව ප්‍රකාශ කර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ ආර්ථික වෙළඳ සංචාරක හා යටිතල පහසුකම් ක්ෂෙත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා චීනය සමඟ තවදුරටත් කටයුතු කිරීමට සුදානම් බවය.
වරාය නගරය වැනි ව්‍යපෘති ඉතා සුමටව ඉදිරියට ගෙනයෑමට ශ්‍රී ලංකාව සහාය දෙන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇති බව සඳහන් වේ.