මාලදිවයිනේ සිටින ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

මාලදිවයිනේ සිටින ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

by Staff writer 14-05-2020 | 12:05 PM
COLOMBO (News 1st): මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද මෙරටට පැමිණීමට නියමිතව තිබේ. වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස පැමිණෙන පිරිස නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරිමට පියවර ගන්නා බවයි. මෙම පිරිස ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් මාලදිවයින බලා පිටත්ව ව ගොස් තිබේ.