මාර්තු, අප්‍රේල් සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්

මාර්තු සහ අප්‍රේල් සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත්

by Staff writer 14-05-2020 | 10:56 AM
COLOMBO (News 1st) : සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගම වෙත උපදෙස් දී තිබේ. ඒ ඊයේ පස්වරුවේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදීයි. අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ, ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මගින් තනි බිල්පතක් මාර්තු, අප්‍රේල් මාස දෙක සඳහා විදුලි බිල්පත් නිකුත් කර ඇති බව වාර්තා වන අතර එම තත්ත්වය වහාම නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසයි. එමෙන්ම මෙම මාස 2 ටම අදාළ විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ලබා දෙන අතර එම කාලය තුළ අදාල බිල්පත් පියවීමට කටයුතු කළ යුතු බව ද, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.