තවත් කොරෝනා ආසාදිතයින් 63ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 63ක් සුවය ලබයි

by Chathuranga Rajapaksha 14-05-2020 | 1:33 PM
COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 445ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට කොරෝනා ආසාදිතයින් 915 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඉන් 461 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී. කොරෝනා ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියේය.