by Staff writer 14-05-2020 | 3:14 PM
COLOMBO (News 1st): ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හා අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සළකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබ තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන මහත්වරුන් එම විනිසුරු මඩුල්ලට අයත් වේ.
පෙත්සම් විභාගය ලබන 18 වැනිදා ආරම්භ කිරිමට නියමිතය.