ජනපති මාස 3ක වැටුප Covid-19 අරමුදලට පරිත්‍යාග කරයි

ජනපති මාස 3ක වැටුප Covid-19 අරමුදලට පරිත්‍යාග කරයි

by Chathuranga Rajapaksha 14-05-2020 | 5:31 PM
COLOMBO (News 1st): ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම මාස 3ක වැටුප Covid-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මේ අනුව රුපියල් 292,500ක මුදලක් ජනාධිපතිවරයා අරමුදලට පරිත්‍යාග කළ බවය. අදාළ චෙක්පත ජනාධිපතිවරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට භාරදී තිබේ.