කොරෝනා ආසාදිතයින් ගණන 925ක් වෙයි ඉහළට

UPDATE කොරෝනා ආසාදිතයින් ගණන 925 දක්වා ඉහළට

by Staff writer 14-05-2020 | 11:00 PM
COLOMBO (News 1st) 11.00PM - තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 925 දක්වා ඉහළගොස් තිබේ. ----------------------- COLOMBO (News 1st) 6.20PM - පස්වරු 6 වන විට තවත් එක් කොවිඩ් ආසාදිතයෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ඒ අනුව  මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 916 දක්වා ඉහළ ගොස් ඇත. මේ වනවිට ආසාදිතයින් 445 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, ප්‍රතිකාර සඳහා යොමුකර ඇති පිරිස 462 කි.