by Chathuranga Rajapaksha 14-05-2020 | 3:03 PM
COLOMBO (News 1st): හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ.
ඔහු එලෙස පැමිණියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුවයි.
ඔහුගේ ප්‍රකාශය ලබා ගනිමින් සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ පුත්තලමේ සිට මන්නාරම දක්වා බස් රථ යොදා ගනිමින් අවතැන්වූ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළවයි.