COLOMBO (News 1st): කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සෙසු දිස්ත්‍රික්කවල ලබන 16, සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය පැවැත්වෙන බව එම නිවේදනයේ දැක්වේ.
මේ අතර ලබන ඉරිදා(මැයි 17) මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 18, සඳුදා අලුයම 5.00ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
