UPDATE : තවත් කොරෝනා ආසාදිතයින් 5ක්

UPDATE : කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 889 දක්වා ඉහළට

by Staff writer 13-05-2020 | 6:11 AM
COLOMBO (News 1st) : මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 889 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ රාත්‍රීයේ තවත් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 20 දෙනෙකි. අසාදිතයින් 889 න් 366 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති අතර ඊයේ දිනය තුළ පමණක් සුවය ලැබූ අසාදිතයින් සංඛ්‍යාව 23කි. තවත් අසාදිතයින් 514 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී. මේ වන විට කොරෝනා අසාදනය වූ පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.