UPDATE රාජිත සේනාරත්න රිමාන්ඩ්

UPDATE රාජිත සේනාරත්න රිමාන්ඩ්

UPDATE රාජිත සේනාරත්න රිමාන්ඩ්

කර්තෘ Chathuranga Rajapaksha

13 May, 2020 | 9:10 pm

COLOMBO (News 1st): හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද පස්වරුවේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සංවිධානය කළ රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ නියෝගය අවලංගු කර, ඔහු අධිරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]