පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

by Staff writer 13-05-2020 | 12:56 PM
COLOMBO (News 1st) : මහ මැතිවරණය සඳහා තනිව තරග කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වේ. මේ අතර සන්ධානගතව තරග කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්විණ. සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, මහ මැතිවරණය පැවැත්වීම තීරණය කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව බවයි.