දෙයියන්දර අධිකරණයේ නඩු භාණ්ඩ ගිනි තිබ්බාදැයි සැක

දෙයියන්දර අධිකරණයේ නඩු භාණ්ඩවලට ගිනි තිබ්බාදැයි සැකයක්

by Staff writer 13-05-2020 | 7:14 PM
COLOMBO (News 1st): අද අලුයම දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ඇතිවූ ගින්න යම්කිසි අයෙකු කළ ගිනි තැබීමක් බවට පොලිසිය සැක පළ කළේය. අද අලුයම 5.00ට පමණ දෙයියන්දර මහෙන්ස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්න හටගෙන තිබුණි. අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියකු හා මුරකරු අදාල ගින්න දැක ඒ පිළිබඳව මහෙන්ස්ත්‍රාත්වරියට හා දෙයියන්දර පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව ගින්න නිවාදැමීමට පියවර ගෙන තිබේ. අද පෙරවරු 09.30 ට පමණ අදාල ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කළේය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අද පස්වරුවේ රසපරීක්ෂක දෙපාර්තමෙන්තු නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදු කළ බවය. පොලීසිය ප්‍රකාශ කළේ, දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවය. ඒ සඳහා පොලිස් කණ්ඩායම් 2ක් අනුයුත්ත කර ඇති බව ද පොලිීසිය සඳහන් කළේය. ගින්න ඇතිවූ ස්ථානයේ CCTV කැමරා නොමැති අතර අධිකරණ සංකීර්ණය අවට ඇති CCTV පද්ධති නිරීක්ෂණය කරමින් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.