by Staff writer 13-05-2020 | 12:59 PM
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 669 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අද පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලදීයී.
එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 325කි.
පසුගිය මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 52712 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 13869 කි.
මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද අලුයම 5 ට යළිත් ඇදිරිනීතිය ඉවත් කෙරිණ.
යළිත් එම ප්‍රදේශවලට අද රාත්‍රි 8 .00 ට ඇඳිරිනීතිය පනවා හෙට අලුයම 5 ට ඉවත් කිරීමට නියමිතයි.