by Staff writer 13-05-2020 | 6:22 AM
COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ සිරවී සිටි පිරිස් අතුරින් තවත් කණ්ඩායමක් අද සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතයි.
පොලීසිය ප්‍රකාශ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් දෙදහසකට ආසන්න පිරිසක් සිය ගම්බිම් වෙත පිටත් කර හරින බවයි.
මැදකොළඹ ප්‍රදේශයේ සිරවී සිටි පිරිසක් ද අද ගම්බිම්වෙත යැවෙන පිරිසට අයත් වෙති.
මෙම පුද්ගලයින් නුවරඑළිය, බදුල්ල, අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත පිටත්කර හැරෙන බව පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ ගම්බිම් වෙත යැවෙන සියලු දෙනා දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්කෙරෙන බවයි.
බස්නාහිර පළාතේ සිරව සිටි පනස් දෙදහසකට ආසන්න පිරිසෙන් දස දහසකට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් මේ වන විට සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ නිවෙස් වෙත යාමට අවශ්‍ය සෙසු පුද්ගලයින් ද කණ්ඩායම් වශයෙන් එම ක්‍රියාවලියට එක් කරගන්නා බවයි.