UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 884 දක්වා ඉහළට

UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 884 දක්වා ඉහළට

by Sagarika Chathumali 12-05-2020 | 10:10 PM
COLOMBO (News 1st) 10.10PM : තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 884 දක්වා ඉහළ ගොස් තිබේ. COLOMBO (News 1st) 7.20PM: අද(12) දින කොරෝනා ආසාදිතයින් 10 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඉන් 9දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවත් අනෙක් පුද්ගලයා කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 879 දක්වා ඉහළගොස් තිබේ. COLOMBO (News 1st) 6.10PM : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 872 දක්වා ඉහළ ගොස් තිබේ.   COLOMBO (News 1st) 7.35AM : තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 869 ක් දක්වා ඉහළ යනු ඇති. මේ දක්වා වෛරසය ආසාදනයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 343කි.