by Sagarika Chathumali 12-05-2020 | 2:36 PM
COLOMBO (News 1st) : හම්බන්තොට, ගන්නෝරුව, කැටන්වැව ප්‍රදේශයේ පිහිටි ටයර් අලෙවිසැලකට කඩා වැඳුණු පිරිසක් එහි සේවකයින්ට පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අප වෙත ලැබී තිබේ.
මෙය සිදුව ඇත්තේ, ඊයේ පස්වරු 5.30ට පමණයි.
වෙළඳසලේ එක් සේවකයෙකු පහරදීමෙන් තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
කැබ් රථයකින් ආයුධ සහ පොලු අතැතිව බීමතින් පැමිණි අදාළ පිරිස රථය මග නවතා පැමිණ මෙම පහර දීම සිදු කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ටයර් අලෙවිසැලට පැමිණි පාරිභෝගිකයෙකුට ද අදාළ පිරිස බාධා කරන අයුරු දැක ගතහැකියි.
මෙම සිදුවීමට අදාළව හම්බන්තොට පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කළ බව වෙළඳසලේ හිමිකරු පැවසී ය.
https://youtu.be/iS6hH-j8LzY