ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නැහැ

ගත වු පැය 24 කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නැහැ... සුව වූ සංඛ්‍යාව 343යි

by Staff writer 12-05-2020 | 6:30 AM
COLOMBO (News 1st) : ගත වු පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව, සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 863 කි. අසාදිතයින්ගෙන් 343 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර  තවත් අසාදිතයින් 511 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති. කොරෝනා අසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 9 කි.