by Staff writer 12-05-2020 | 11:46 AM
COLOMBO (News 1st) : කොළඹ කොටස් වෙළදපොළ අද දිනයේ ගනුදෙනු සඳහා ආරම්භ කර, මද වේලාවකට පසු ගනුදෙනු කටයුතු පැයක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබී ය.
ඒ කොටස් වෙළදපොළ S&P SL 20 දර්ශක අගය 5% කට වැඩි අගයකින් පහත වැටීම හේතුවෙනි.
අද දිනයේදී සමස්ත මිල දර්ශක අගය 3.49% කින් පහත වැටිණ.
එහි අගය දැක්වුණේ, ඒකක 4238.94 ක් ලෙසයි.
අද දින කොටස් වෙළදපොළ පිරිවැටුම රුපියල් මිලියන 230.5 ක් ලෙස දැක්විය.