කොටස් වෙළදපොළ ගනුදෙනු අද දිනට නතර කෙරේ

විවෘත කර ටික වේලාවකින් කොළඹ කොටස් වෙළදපොළ ගනුදෙනු අද දිනට නතර කෙරේ

by Staff writer 11-05-2020 | 1:24 PM

COLOMBO (News 1st): කොළඹ කොටස් වෙළදපොළ අද දිනයේ ගනුදෙනු සඳහා ආරම්භ කර, මද වේලාවකින් දිනයේ ගනුදෙනු කටයුතු නතර කෙරිණි.

ඒ කොටස් වෙළදපොළ S&P SL20 දර්ශක අගය 10% කට වැඩි අගයකින් පහත වැටීම හේතුවෙනි. කොටස් වෙළඳපොළ කටයුතු අද ආරම්භ වූයේ, පසුගිය මාර්තු 20 වැනිදාට පසුවයි අද දිනයේදී සමස්ත මිල දර්ශක අගය 4.1% කින් පහත වැටුණි. එහි අගය දැක්වුණේ, 4384.1 ක් ලෙසය. කොටස් වෙළදපොල ගනුදෙනු නතර කරන විට දෛනික පිරිවැටුම රුපියල් මිලියන 24.8 ක් ලෙස දැක්විය.