විදුලි බිලට වැඩි ගණන් එකතු වුණේ අත්වැරැද්දකින්

විදුලි බිලට වැඩි ගණන් එකතු වුණේ අත්වැරැද්දකින්: නිවරැදි කිරීමට ඇමති උපදෙස් - විදුලිබල අමාත්‍යාංශය

by Chathuranga Rajapaksha 11-05-2020 | 11:43 AM

COLOMBO (News 1st): ඇතැම් පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් වැඩිපුර මිල ගණන් සඳහන්ව ඉදිරිපත්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයේ අත්වැරැද්දකින් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම අත්වැරැද්ද නිවරැදි කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.