මගී දුම්රිය සේවා යළි ඇරඹීමට ඉන්දියාව සූදානම්

මගී දුම්රිය සේවා යළි ඇරඹීමට ඉන්දියාව සූදානම්

by Staff writer 11-05-2020 | 9:29 AM
COLOMBO (News 1st) : හෙට සිට ක්‍රමයෙන් මගී දුම්රිය සේවා යළි ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වේ. කෙසේ වෙතත් මීට අදාළ ප්‍රවේශපත් වෙන්කළ හැක්කේ online ඔස්සේ පමණක් බව සඳහන් ය. කොරෝනා ව්‍යාප්තිය හමුවේ වසාදැමූ ඉන්දියාවට එම කාලය අවසන් වීමට ඇත්තේ තවත් දින 5 ක් පමණයි. ආසාදිතයන් 7200 ක් වාර්තාවීමත් සමග ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා කළ ප්‍රාන්ත ලයිස්තුවේ තුන් වැනි ස්ථානයට තමිල්නාඩුව පත්විය. ඉන්දියාවෙන් මේ වනවිට 60 000 කට අධික කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන අතර එරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 2000 ඉක්මවයි.