කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු නවතී 

කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු නවතී 

by Staff writer 11-05-2020 | 12:12 PM
COLOMBO (News 1st) : කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේ ගනුදෙනු සඳහා ආරම්භ කර, මද වේලාවකින් දිනයේ ගනුදෙනු කටයුතු නතර කෙරිණ. ඒ කොටස් වෙළදපොළ S&P SL 20 දර්ශක අගය 10 %කට වැඩි අගයකින් පහත වැටීම හේතුවෙනි. කොටස් වෙළඳපොළ කටයුතු අද ආරම්භ වුයේ, පසුගිය මාර්තු 20 වනදාට පසුවයි. අද දිනයේදී සමස්ත මිල දර්ශක අගය 4.1% කින් පහත වැටිණ. එහි අගය දැක්වුණේ, 4384.1 ක් ලෙසයි. කොටස් වෙළඳපොළ ගනුදෙනු නතර කරන විට දෛනික පිරිවැටුම රුපියල් මිලියන 24.8 ක් ලෙස දැක්විය.