by Staff writer 11-05-2020 | 10:54 AM
COLOMBO (News 1st) : කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8 සිට සවස 6.30 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි බලය සැපයීම අත්හිටුවීම හේතුවෙනි.
ඒ අනුව, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව , කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලිමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.