කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු නවතී 

කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු නවතී 

කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු නවතී 

කර්තෘ Staff writer

11 May, 2020 | 12:12 pm

COLOMBO (News 1st) : කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේ ගනුදෙනු සඳහා ආරම්භ කර, මද වේලාවකින් දිනයේ ගනුදෙනු කටයුතු නතර කෙරිණ.

ඒ කොටස් වෙළදපොළ S&P SL 20 දර්ශක අගය 10 %කට වැඩි අගයකින් පහත වැටීම හේතුවෙනි.

කොටස් වෙළඳපොළ කටයුතු අද ආරම්භ වුයේ, පසුගිය මාර්තු 20 වනදාට පසුවයි.

අද දිනයේදී සමස්ත මිල දර්ශක අගය 4.1% කින් පහත වැටිණ.

එහි අගය දැක්වුණේ, 4384.1 ක් ලෙසයි.

කොටස් වෙළඳපොළ ගනුදෙනු නතර කරන විට දෛනික පිරිවැටුම රුපියල් මිලියන 24.8 ක් ලෙස දැක්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]