රට විවෘත වූ පසු ඔබ හැසිරිය යුත්තේ කෙසේ ද?

රට විවෘත වූ පසු ඔබ හැසිරිය යුත්තේ කෙසේ ද?

by Sagarika Chathumali 10-05-2020 | 12:48 PM

* පොදු ප්‍රවාහනය පෞද්ගලික ගමන්වලට භාවිත කරන්න එපා - යුද හමුදාපති * ආර්ථිකය පණ ගන්වන්නයි අපේ බලාපොරොත්තුව! - සෞඛ්‍ය අමාත්‍යවරිය * රට විවෘත කළත්, සෞඛ්‍ය උපදෙස් අනුව ඉදිරියටත් කටයුතු කරන්න - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

COLOMBO (News 1st) : හෙට(11) සිට සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සීමාවන්ට යටත්ව විවෘත කරන බව රජය පවසයි.

කොව්ඩි-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී යුවැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඇඳිරි නීතිය පවත්වා ගනිමින් රැකියා සඳහා රට විවෘත කළ ද ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාව ආහාරපාන, සහ ඖෂධ ආදි අවශ්‍යතා සපුරා ගැනීමේදී පෙර හඳුන්වා දුන් ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි. ඒ වගේම යුද හමුදාපතිවරයා අවධාරණය කළේ, පෞද්ගලික ගමන්බිමන් සඳහා පොදු ප්‍රවාහනය භාවිත නොකරන ලෙසය. එහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ, රට ක්‍රමයෙන් විවෘත කිරීම තුළින් බලාපොරොත්තුවන්නේ ආර්ථිකය යළි පණ ගැන්වීමටය බවය. සමස්ත සමාජයම කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග හුරුවූ චර්යාත්මක වෙනස්කම් දිගින් දිගටම පවත්වා ගත යුතු බවත් නිරෝධායන පනත යටතේ නීතිගත කර ඇති කරුණු මෙන්ම මාර්ගෝපදේශයන් තවදුරටත් අනුගමනය කළ යුතු බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී අවධාරණය කළේ ය. තව ද , උණ, කැස්ස ,ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතී නම්, කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වෙන් කර ඇති රෝහලකට ඇතුළත් වීම හෝ එසේ නොමැති නම් 1390 අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්න ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. https://youtu.be/nN4dc35ns-o