මලයාසියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 178ක් දිවයිනට

මලයාසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 178ක් දිවයිනට

by Chathuranga Rajapaksha 10-05-2020 | 6:41 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මලයාසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 178 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයකින් ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවය. මේ අතර, ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි සිසුන් 272 අද උදෑසන මෙල්බර්න් නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විශේෂ ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබිණි. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, එම පිරිස අද උදෑසන 6.12 ට යූ.එල්. 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බවය.