දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක්

දඩ පත්‍රිකා ගෙවීමට අතිරේක සහන කාලයක්

by Staff writer 10-05-2020 | 6:26 AM
COLOMBO (News 1st) : කාලය ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා මැයි 11 සිට මැයි මස 29 දක්වා තවදුරටත් අතිරේක සහන කාලයක් ලබා දී තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු නිරෝධායන කටයුතු සඳහා වසා දමා තිබූ ප්‍රදේශවල ස්ථාපිත තැපැල් කාර්යාල මගින් දඩ මුදල් ගෙවිම සඳහා මෙතෙක් ජනතාවට අවස්ථාව හිමි නොවිම හේතුවෙන් ඔවුන්ට සහන කාලයක් ලබාදීමට තීරණය කළ බවයි. ඒ අනුව මාර්තු 1 දිනට හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිත සහන කාලයක් හිමි වේ. එසේම පෙබරවාරි 16 වන දින සිට පෙබරවාරි 29 වන දින දක්වා නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා සඳහා දින 28 ක කාලයක් තුළ ගෙවිම් සඳහා සම්මත දඩ ගාස්තුවක් සඳහා දඩ පත්ත්‍රිකා භාර ගැනීමට සහන කාලයක් ද හිමිවනු ඇති. හෙට සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල විවෘතව තබන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.