by Staff writer 10-05-2020 | 9:20 AM
COLOMBO (News 1st) : කොළඹ ගුණසිංහපුර සිට රැගෙන ගිය යාචකයින් 60 දෙනෙකු පුනරුත්තාපනය කිරිමට පියවර ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම යාචකයින් පිරිස මේ වන විට මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා ඇති බවයි.
එම යාචකයින් පිරිස අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, යාචකයින් සිගමනේ ගොස් ලබා ගන්නා මුදල් වලින් හෙරෝයින් භාවිත කොට ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වූ බවයි.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද එම යාචකයින් පුනරාත්තාපනය කිරීම සඳහා නියෝගයක් ලබා ගැනිමට කටයුතු යොදා තිබේ.
ඉන් අනතුරුව යාචකයින් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි පුනරුත්තාපන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිතයි.