කොරෝනා මැද ජන ජීවිතය ගොඩනැගීම ගැන අගමැති පහදයි

කොරෝනා සම්පූර්ණයෙන් නැති වී නොමැති බව මතක තබා ගත යුතුයි - අගමැති

by Staff writer 10-05-2020 | 7:20 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය අවදානම පාලනයකට යටත්කොට ඇතත් සම්පූර්ණයෙන් නැති වී නොමැති බව මතක තබා ගත යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම යන්නෙන් අදහස් වන්නේ මුල සිට පැවැති තත්ත්වයට ටිකෙන් ටික පත් කිරිමේ ක්‍රියාදාමයකට බවය. පාසල් හා උපකාරක පන්ති තවදුරටත් වසා තබා හැකි තරම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන අතර රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කිරිමේ වැඩපිළිවෙළක් ඉදිරි දිනවලදී ක්‍රියාත්මකවීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇඳිරි නීතිය ලිහිල් කිරිමෙන් අනතුරුව ද පෙරට වඩා කල්පනාකාරි හැසිරිමක් අත්‍යවශ්‍යවන බවය. කෝවිඩ් වෛරසයෙන් එංගලන්තයේ දී ශ්‍රී ලාංකිකයින් 25 දෙනෙකුට ජීවිත අහිමි වී තිබුණද මේ වන විට මෙරට දී මියගොස් ඇත්තේ 9 දෙනෙකු පමණක් වීම සැළකිය යුතු කරුණක් බව අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ දැක්වේ.