by Staff writer 10-05-2020 | 7:25 AM
COLOMBO (News 1st) : පාසල් නැවත ආරම්භ කිරීමේදි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දක්වමින් හෙට දිනයේ උපදෙස් මලාවක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, සියලුම විදුහල්පතිවරුන්ට,පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත එම චක්‍රලේඛය නිකුත් කරන බවයි.
ඒ අනුව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඒ ඒ පාසල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සැලැස්මක් සකස් කර ගන්නා ලෙසට එමගින් දැනුම් දෙනු ඇති.
ලේකම්වරයා සඳහන් කළේ, යළි පාසල් ආරම්භ කරන විට සිසුන්ගේ දෙමාපියන් පළමු සතියේ පාසලට කැඳවා සැලැස්මක් සකස්කර ගත යුතුව ඇති බවයි.
එය සකස් කර ගන්නා ආකාරය පිළිබඳව ද හෙට නිකුත් කරන චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබා දී තිබේ.
විෂබිජහරණය, සිසුන්ට ජලය ලබා ගැනිමට නළ මාර්ග, පන්ති කාමරයේ සිටිය යුතු සිසුන් සංඛ්‍යාව වැනි කරුණු නිකුත් කරන උපදෙස් මාලාව ඇතුළත් චක්‍ර ලේඛයේ සඳහන් බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.