සදුඳා සිට ලංගම බස් 1500 ක් ධාවනයට

සදුඳා සිට ලංගම බස් 1500 ක් ධාවනයට

by Staff writer 09-05-2020 | 7:05 AM
COLOMBO (News1st) : ලබන සදුඳා සිට ලංගම බස් රථ 1500 ක් ධාවනයට එක් කරන බව  ගමනාගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක මහතා සඳහන් කළේ,  සේවා ස්ථාන සඳහා පැමිණෙන සේවක පිරිස් ඉලක්ක කර කාර්යාල වේලාවන් තුළදී  ධාවනය කිරීම සඳහා මෙම බස්රථ යොදවන බවයි. ඔහු සඳහන් කළේ, දැනට අදාළ දිස්ත්‍රික්කය ඇතුළත පමණක් එම බස්රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සඳහා රජය අවසර ලබාදුන හොත්  දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, ආයතනවලට අවශ්‍ය නම්, යම් මුදලක් අය කිරීමකින් පසු එම ආයතන සේවකයින් ප්‍රවාහනය සඳහා බස් රථ ලබා දීමට ද හැකියාව පවතින බවයි. මේ අතර දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරිම සඳහා ගමනාගමන මණ්ඩලය බස්රථ 426 ක් යොදවා තිබේ.