මැනිං වෙළඳපොළ අද සහ හෙට වසා දැමේ

මැනිං වෙළඳපොළ අද සහ හෙට වසා දැමේ

by Staff writer 09-05-2020 | 6:32 AM
COLOMBO (News 1st) : කොළඹ මැනිං වෙළඳපොළ අද සහ හෙට වසා තැබීමට මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සමිතිය තීරණය කර තිබේ. එහි ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ, වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ සහ පෙරේදා යන දෙදින තුළ මැනිං වෙළඳපොළ වසා තැබීමට පියවර ගත් බවයි. එහෙත් පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් අද සහ හෙට ද මැනිං වෙළඳපොළ විවෘත නොකරන බව ඔහු සඳහන් කළේ ය.