COLOMBO (News 1st) : ඊයේ දිනයේ හඳුනා ගත් ආසාදිතයින් 11 දෙනා වැලිසර කඳවුරේ නාවික හමුදා සමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, මේ දක්වා සිදු කළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ද ඊයේ දිනයේ සිදු කළ බවයි.
ඒ අනුව ඊයේ දිනයේ සිදුකරන ලද පරික්ෂණ සංඛ්‍යාව 1821කි.
ඒ අතරින් පරීක්ෂණ 700ක් සඳහා සාම්පල සමාජයේ වෙසෙන පුද්ගලයින්ගෙන් ලබා ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
මේ අතර ඊයේ දිනයේ නව ආසාදිතයින් 11 දෙනා වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගියේ ය.
මේ වනවිට සුවය ලබා සිටින ආසාදිතයින් සංඛ්‍යාව 240කි.
කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 586 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මේ වන විට කොරෝනා වැළඳුණු පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.
