කොළඹ සිරවී සිටි තවත් පිරිසක් අද ගම්බිම් වෙත

කොළඹ සිරවී සිටි තවත් පිරිසක් අද ගම්බිම් වෙත

by Staff writer 09-05-2020 | 10:40 AM
COLOMBO (News1st) : කොළඹ සිරවී සිටි තවත් පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් අද, සිය ගම්බිම් වෙත පිටත් කර යැව්මට පියවර ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් අද පෙරවරුවේ ගල්කිස්ස ප්‍රදේශයේ සිට පිටත් කර යෑවිමට පියවර ගන්නා බවයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ යොදා ගෙන එම පුද්ගලයින් ගම්බිම් වෙත පිටත් කර යැවෙනු ඇති. එම පුද්ගලයින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියා කිරිම සඳහා කොළඹට පැමිණි පුද්ගලයින් ය. මේ අතර පසුගිය 7 වන දා මිරිහාන කොට්ඨාසයේ සිරවී සිටි 700 කට අධික පිරිසක් නිවෙස් වෙත පිටත්කර හැරියේ ය. අදියර කිහිපයක් යටතේ බස්නාහිර පළාතේ සිරවී සිටින පනස් දහසකට අධික පිරිස් සිය ගම්බිම් වෙත යැවීමට සැලසුම් කර තිබේ.