by Staff writer 09-05-2020 | 1:21 PM
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 49,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම කාලය තුළ වාහන 12,800ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
පසුගිය පැය 24ක කාලයක් තුළ පමණක් ඇඳිරි නීතිය කඩ කළ 800ක ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.