by Hashini De Mel 08-05-2020 | 10:14 PM
COLOMBO (News 1st): සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියේ දැක්වෙන්නේ, Covid-19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ දේහ මිහිදන් කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටින බවය.
Covid-19 ව්‍යසනයට එරෙහිව සටන් කරන සෑම සෞඛ්‍ය බලධාරියෙකුගේම සේවය අගය කරන බව ද එම ලිපියේ දැක්වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීමත්, ලෝකයේ රටවල් 180ක මෙය ක්‍රියාත්මක වීමත් සළකා මේ පිළිබඳ තීරණය නැවත සළකා බලමින් Covid-19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ දේහ නිසි ආරක්ෂිත පියවර යටතේ පොලිසියේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් මිහිදන් කිරීමේ අවසරය විකල්පයක් ලෙස ලබා දෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටින බව ද එම ලිපියේ දැක්වේ.
https://www.facebook.com/NewsfirstSL/videos/2657675687849165/