රංජිත් මද්දුම බණ්ඩාරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සම ලබන සතියේ කැඳවන ලෙස මෝසමක්

by Staff writer 08-05-2020 | 12:16 PM

COLOMBO (News 1st) - සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නීතිඥවරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.

මෝසම ගොනු කර ඇත්තේ, පසුගිය 06 වැනි දා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11, 13 හෝ 14 යන දින තුනෙන් එක් දිනයක විවෘත අධිකරණය හමුවේ කැඳවන්නැයි ඉල්ලමිනි. ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු 2 වැනි දා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි 6 වැනි දා පෙත්සමෙන් ඉල්ලා තිබුණි.