"විපක්ෂයේ කුහකකම එල්.ටී.ටී.ඊ. එකේ තිබ්බේ නැහැ"

"විපක්ෂයේ කුහකකම එල්.ටී.ටී.ඊ. එකේ තිබ්බේ නැහැ" - කෙහෙළිය රඹුක්වැල්ල

by Staff writer 08-05-2020 | 8:57 PM

COLOMBO (News 1st): විපක්ෂය තුළ පවතින කුහකම එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ අපේක්ෂක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පී.බී. ජයසුන්දර මහතා විසින් කරනු ලැබුවේ ඉල්ලීමක් මිස බලකිරීමක් නොවන බව ය. එබැවින් එය සාධරණ ද? අසාධාරණ ද? යන්න පිළිබඳව තර්ක කිරීම වෙනමම කාරණයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/632894733965758/