වත්තලදී හෙරෝයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

වත්තලදී හෙරෝයින් ග්‍රෑම් 150 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 08-05-2020 | 9:31 AM

COLOMBO (News 1st) - වත්තලදී හෙරොයින් ග්‍රෑම් 150 යි මිලිග්‍රෑම් 800 ක් තම සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා සතුව තිබී හෙරෝයින් අලෙවි කිරීමෙන් උපයාගන්නා ලද මුදල් බවට සැක කෙරෙන මුදල් රුපියල් 96,600ක් සොයාගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි හා 32 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. සැකකරුවන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.