by Staff writer 08-05-2020 | 11:13 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් ගුවන් යානා අලුත්වැඩියා කිරීම සඳහා යුක්‍රේන ගුවන් යානා ඉංජිනේරුවරුන් 6 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව්, ඒ.එන්. - 32 වර්ගයේ ගුවන් යානා 3 ක කාලය අවසන් වී තිබෙන බවයි.
එවැනි යානා 4 ක් දැනට ගුවන් හමුදාව සතු වේ.
එම ගුවන් යානා පරීක්ෂා කර බලා යුක්‍රේනය වෙත රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමක් සඳහා නිර්දේශ කිරීමට ගුවන් යානා නිපද වූ ආයතනයේ ඉංජිනේරුවරුන් පිරිසක් පැමිණි බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා පැවසීය.