හාලිඇල ගොවීන්ගෙන් මැසිවිලි

පොහොර හිඟයෙන් දුක් විඳින හාලිඇල ⁣ගොවීන්

by Staff writer 08-05-2020 | 7:46 AM

COLOMBO (News 1st) - පොහොර නොමැතිකමින් බණ්ඩාරවෙල හා බදුල්ල, හාලිඇල ප්‍රදේශයේ කුඹුරු අක්කර 1000 ක් පමණ විනාශ වෙමින් පවතින බවට ගොවීන් මැසිවිලි නගති.

හාලිඇල, ඇටම්පිටිය, බණ්ඩාරවෙල, කූඹල්වෙල, ඇල්ල ප්‍රදේශයන්හි පවුල් 500 කගේ පමණ ප්‍රධාන අදායම් මාර්ගය ගොවිතැනයි. ඒත් මේ දිනවල පවතින පොහොර හිඟය හේතුවෙන් වගාවන්ට කහ රෝගය මතුව ඇති බවට ගොවීන් මැසිවිලි නගති. ගොවීන් පෙන්වා දෙන්නේ අස්වනු නෙළීමට තව මාස 2 ක් පමණ ඇති නමුත් මේ වනවිට පොහොර යෙදිය යුතු බවයි. එහෙත් පොහොර හිඟය හේතුවෙන් වගාවන් නිකරුණේ විනාශ වන බව ගොවින් පවසති. රට තුළ මේ දිනවල උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන්ම මේ ගොවීන් පත් ව ඇත්තේ දැඩි පීඩාවටයි. https://www.facebook.com/NewsfirstSL/videos/1706183529546847/