බොහෝ ප්‍රදේශවලට මහ වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී මහ වැසි ඇතිවිය හැකියි

by Staff writer 08-05-2020 | 4:44 PM

COLOMBO (News 1ts) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, ඌව, මධ්‍යම ,උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මිලිමිටර් 100 ක පමණ තරමක් තද වර්ෂාපතනයක් ද ඇතිවන බවයි. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.