දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක්

දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක්

by Staff writer 08-05-2020 | 6:49 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක් පවතින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, වී ගොවීන්, එළවළු ගොවීන් ඇතුළු වගාවල නිරත පුද්ගලයින් ඒ හේතුවෙන් දැඩි පීඩාවට පත් ව ඇති බවයි. ඒ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගෙන් අප විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ, පොහොර තොග පැටවීම ඇතුළු එම කර්මාන්ත ශාලාවල නිරත වතු ආශ්‍රිත සේවකයින් මේ දිනවල සේවයට නොපැමිණීම හේතුවෙන් පොහොර හිඟයක් හටගෙන ඇති බවය. එම නිසා දේශීය පොහොර යොදා ගනිමින් හැකි පරිදි වගාවල නිරත වන ලෙස ලේකම්වරයා වැඩිදුරටත් ගොවීන්ට දැනුම් දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/551228338867782/